පිහිය සොයා වේ ගං පතුල පීරයි


කහවත්තේ කොටකෙතන වරාපිටියෙ දෙසොහොයුරියන් මරා දැමීමට යොදා ගන්නා ලදැයි කියන පිහියක් සොයා වේ ගෙඟ් ස්ථානයක් කිමිදුම්කරුවන් යොදා  පරීක්‍ෂණ කළත් පිහියක් සොයාගත නොහැකි විය. එම කතුන් දෙදෙනා පදිංචිව සිටි නිවෙසට මීටර සියයක් පිටුපසින් වේ ගඟ ගලායයි. ඔවුන් දෙදෙනාගේ නිවෙස ආසන්නයේ තිබී සැක සහිත යකඩ කූරක්ද පොලිසිය සොයා ගත්තේය. දැනට සැකපිට අත්අඩංගුවේ සිටින ඥාති පුත‍්‍රයා එම නිවෙසට රැගෙන ගිය බවත් වැදගත් හෝඩුවා කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ කරන බවත් අපරාධ කරු කවුදැයි ඉතා ඉක්මනින් සොයාගත හැකි බවත් පොලිසිය කියයි.