පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් දෙවැනි ස්ථානය ලබයි


ලන්ඩන් නුවරදී පැවැත්වෙන xxx වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 100 පසුපස ආර පිරිමි ඉසව්වේ පළමු මූලික තරගයට අද (29) සහභාගි වූ ශ්‍රී ලංකා පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් උනම්බුව දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. එහිදී හේෂාන් තත්පර 57.94 ක කාලයක් වාර්තා කිරීමට සමත් විය. පළමු මූලික වටයේ තරගයේ පළමු ස්ථානය බර්බඩෝස්හි බ‍්‍රැඞ්ලි ඇලි (තත්පර 56.27) ද, තෙවැනි ස්ථානය සැම්බියාවේ ෂැනී ජොර්ඩන් (තත්පර 58.77) ද හිමිකරගත්හ.