පිහිනුම් ක‍්‍රීඩක පෙල්ප්ස් තටාකයට සමුදෙයි


ඔලිම්පික් පදක්කම් 22 ක් දිනාගනිමින් ඔලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනක් දිනාගත් ක‍්‍රීඩකයා ලෙස දැන් පැවැත්වෙන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝක වාර්තාවක් පිහිටු වු ඇමරිකානු ජාතික සුපිරි පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස් ක‍්‍රීඩාවෙන් සමුගන්නා බව ලන්ඩන් නුවරදී ප‍්‍රකාශ කළේය. මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් තරගාවලි හතරකදී රන් පදක්කම් 18 ක් සහ රිදි සහ ලෝකඩ පදක්කම් දෙක බැගින් දිනාගැනීමට සමත්ව සිටියි. 27 හැවිරිදි පෙල්ප්ස් ඔලිම්පික් තරගාවලි හතරේ ඉසව් 51 කදී මීටර 9,900 ක් පිහිනා තිබේ. පෙල්ප්ස් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අවසන් රන් පදක්කම ලෙස මීටර 100-4 මිශ‍්‍ර ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. පෙල්ප්ස් ලන්ඩන් නුවරදී සෝවියට් දේශයේ ජිම්නාස්ටික් ක‍්‍රීඩිකා ලැරීසා ලැටිනිනා පදක්කම් 18 ක් දිනාගනිමින් පිහිටුවා තිබු වාර්තාව බිද දැමීය. පෙල්ප්ස් 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් අටකදී රන් පදක්කම් අටක් දිනා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක වැඩිම රන් පදක්කම් දිනාගත් ක‍්‍රීඩකයා ලෙසද වාර්තාවක් තැබීය. පෙල්ප්ස් දිනාගත් එම රන් පදක්කම් අටේදී ලෝක වාර්තා හයක් සහ ඔලිම්පික් වාර්තාවක් ඇතුළත් වීම කැපී පෙනේ. පෙල්ප්ස් සිය අවසන් මාධ්‍යහමුවේදී පැවසුවේ තමන් බලාපොරොත්තු වූ සියලූ දේ ලැබුණු බවත් තවත් ඉදිරියට යෑමේ අවශ්‍යතාවක් නොමැති මෙන්ම වෙනත් කටයුතු සඳහා තමන්ට මෙය අවස්ථාව බවත්ය.