පිහි ඇනුමෙන් විදුහල්පති මරුට


යක්කලමුල්ලේ කරාගොඩ මිනුවන්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිගේ නිවසට කඩාවැදුනු මැර පිරිසකගේ පිහි පහරට ලක්වූ විදුහල්පති අනුර මහානාම එදිරිසිංහ (53) මහතා කරාපිටිය රෝහලේදී මියගියේය. ඔහුගේ වැඩිමහල් පුත් අනුෂ්ක සුජිත් එදිරිසිංහ (23) මහතා ද පිහි අණුම් කා දැඩි සත්කාර ඒකකයට ඇතුළුකරනු ලැබීය. විදුහල්පතිගේ  පුතකු හා තව පිරිසක් අතර ඇතිවූ ගැටුමක් ගැන ඔහු යක්කලමුල්ල පොලීසියට පැමිණිල්ලක් ද කර තිබියදී මැරයන් ගෙදරට කඩා වැදී ඇත. දැනටමත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මියගිය විදුහල්පතිවරයා යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.