පිල්ලේගේ පෙරගමන්කරුවෝ සිකුරාදා එති


මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේගේ ත‍්‍රිපුද්ගල නියෝජිත පිරිස සිකුරාදා (14) ශ්‍රී ලංකාවට එතියි විදේශ අමාත්‍යාංශය කියයි. මානව හිමිකම් කවුන්සිලයේ පැසිෆික්, උතුරු අප‍්‍රිකා හා මැදපෙරදිග කලාපයේ ප‍්‍රධානි හැනී මෙගාලි, එම කවුන්සිලයේ ඔක්තාර් සොලේරි සහ අස්වා පෙට‍්‍රා ලබන 20 වැනිදා තෙක් මෙරට සිටිති. ඒ කාලයේදී ඔවුන් මානව හිමිකම් සංවිධාන නියෝජිතවරුන් හා  රජයේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය රජීව විජේසිංහ ද හමුවීමට නියමිතය. පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කිරීමට ඔවුහු එති.