පිල්ලේ කමිටුවට විශේෂඥයෝ තිදෙනෙක්


ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් පියවරේ දී සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් විශේෂඥයෝ තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.

ෆින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ටි අතිසාරි, නවසීලන්තයේ හිටපු ආණ්ඩුකාර සිල්වියා කාර්ට් රයිට් හා පකිස්තාන නීතීඥ අස්මා ජහංගීර් ඔවුහුය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කැරෙන කමිටුවට මේ විශේෂඥයන් තිදෙනා අනියුක්ත කිරීමට නියමිතය.

ඔවුන් එම කණ්ඩායමට උපදෙස් දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සන්ද්‍රා බීඩාස් කියන්නීය.

මෙම කමිටුවේ ප්‍රථම රැස්වීම ජූලි මැදදී සිදුවීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ යෝජනාවක් අනුව මෙම කමිටුව පත් කැරේ.