(ජවුෆර් ඛාන්)
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පස් දෙනකු ජූලි 05 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එම්.අයි.ඉස්සදීන් මහතා නියෝග කළේය.
මරියාල් දේවාලයේ 2005 වසරේදී පැවැති නත්තල් පූජාවකට සහභාගි වූ අවස්ථාවේ දී පරරාජසිංගම් මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

