පිරිසක් පිටියට පනිති


ගාල්ල රිච්මන්ඩ් - මහින්ද ක්‍රිකට් තරගය අතර මැද දී මහින්ද විදුහලට සම්බන්ධ බව කියන පිරිසක්  පිටිය මැදට පැමිණ කලබලකරන්නට වූ බැවින් මින් සුළු මොහාතකට පෙර තරඟය අතරමග නැවතී ඇත. පොලීස් කැරළි මර්ධන ඒකකය තත්ත්වය පාලනය කිරීමට සූදානම්ව සිටියි. පළමු ඉනිමේ රිච්මන්ඩ් විදුහල ලකුණු 257ක් ලබා ගත්තේය. පළමු ඉනිම ක්‍රීඩා කළ මහින්දය ලබාගත්තේ ලකුණු 126කි. දෙවැනි ඉනිමේ කඩුළු නමයකට 128ක් ලබා සිටිය දී මේ තත්ත්වය ඇතිවිය. පිටියට කඩා වැදුණු පිරිස් රිච්මන්ඩ් කණ්ඩායමේ ක්‍රීඩකයකුට ද පහරදුන් බව පොලීසිය කියයි. වඩාත් සුහද ශීලී තරඟයක් වූ බැවින් මේ තරඟය හඳුන්වන්නේ ආදරවන්තයන්ගේ සටන යනුවෙනි.