පිරිපහදු වැවේ මසුන්ට නරක දසාවක්


හොරණ බොරළුගොඩ ආයෝජන කලාපයේ පිරිපහදු ජලය එකතු කරන වැවේ මසුන් තිස් දහසක් පමණ හිටි ගමන් මිය යාම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් හා එක්ව පරීක්ෂණයක් ඇරඹූ බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමගම ආයෝජන කලාප නිලධරයන් ජල සම්පාදන නිලධරයන් හා රජයේ රස පරීක්ෂකයන්ද කැඳවා ජල සාම්පල ගත් බව සෞඛ්‍ය නිලධරයෝ පවසති.

කර්මාන්තශාලා වලින් ජලය මෙම වැවට බැහැර කිරීම තාවකාලිකව බැහැර කළ බවද සෞඛ්‍ය නිලධරයෝ කියති.

Boralugoda--2016223(1) Boralugoda-2016223-(2) Boralugoda--2016223(3)

ඡායාරූප - විදුර විජයන්ත