පිරිත් අහන්න සෑය අල්ලන්න


බුද්ධ දේශනාවේ සූත‍්‍ර 18000ක් අන්තර්ගත කර ශ‍්‍රවණය කළ හැකි විද්‍යුත් ස්ථූපයක් නිර්මාණය කැර ඇත. බුද්ධශාසන හා ආගමික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් විශ්වබල ධර්ම යාත‍්‍රා නමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ නවීන තාක්ෂණය භාවිත කර බුදු දහම ලොව පුරා ප‍්‍රචලිත කිරීමේ මාධ්‍යයක් ලෙසිනි. ආචාර්ය නන්දදාස නාරායන මහතා  ප්ලාස්ටික්, වීදුරු හා ලෝහ ආශ‍්‍රයෙන් නිර්මාණය කර ඇති අඟල් 9ක් පමණ උස මෙම විද්‍යුත් ස්ථූපය පරිගණක චිප් උපාංගයක් යොදා ශ‍්‍රවණ මාධ්‍යයෙන් පිරිත් සූත‍්‍ර ගබඩා කර තිබේ. ස්ථූපය වටා තලය ඇඟිල්ලකින් ස්පර්ශ කිරීමෙන් පිරිත් හඬ ප‍්‍රචාරය වීමත් වෙනස් කිරීම හෝ තෝරා ගැනීම කළ හැකි වේ.