බෞද්ධ ආරක්ෂණ පදනමේ පානදුර ශාඛාවේ විධායක අධ්‍යක්ෂ දෙහිවල පියනන්ද හිමි වැඩ සිටින වාද්දූව නල්ලූරුව අභිනවාරාම විහාරස්ථානයට අද අලුයම කඩා වැදුණු පිරිසක් එහි දේපළවලට අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි.
විහාරයේ වැඩකර 47 හැවිරිදි පුද්ගලයකුට යකඩ පොලු රැගෙන පැමිණි පිරිස පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කර ඇත.
මැරයන් පැමිණ තමා කොහේදැයි සොයා ඇති බවත්, ඒ වන විට තමන්වහන්සේ පිරිතකට වැඩ සිටි නිසා ජීවිතය බේරුණු බවත්, පසුගිය 21 වැනිදා පැවති විරෝධතාවය හේතුවෙන් අන්තවාදීන් පිරිසක් විසින් මෙය සිදුකරන්නට ඇති බවත් දෙහිවල පියනන්ද හිමියෝ කියති.