ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෙඩෙට් නිළධාරීන් 83 දෙනකු පියාසර නිළධාරීන් ලෙස අධිකාරිධූරයට පත්ව විසිරැ යෑමේ උත්සවය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ දී අද පැවැත්විණි. එම පිරිස අතර හිටපු ගුවන් හමුදාපති හැරි ගැණතිලක මහතාගේ මුණුපුරු රෙහාන් ගුණතිලක ද සිටි. ඔහු වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රොෂාන් ගුණතිලක මහතාගේ පුතාය. පියාසර නිළධාරීන් මෙතරම් පිරිසක් එකවර විසිරැ ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.