(නිශාන්ත කුමාර)
සිය පියා විසින් පදවන ලද ත්‍රීරෝද රථයකට යටවීමෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක සිඟිත්තෙකු අද (22) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
අනතරින් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල කෝමාරික ගම්මානයේ වයස අවුරුදු එක හමාරක සිඟිත්තෙකි.
දරුවාගේ පියා ගමනක් යාම සඳහා මිදුලේ නවතා තිබූ ත්‍රී රෝද රථය පසුපසට ධාවනය කිරීමට යාමේදී මිදුලේ සෙල්ලම් කරමින් සිටි සිඟිත්තා ඊට යටවී තිබේ.

