පියනන්ද හිමියෝ කොරියාවේ බණට වඩිති


සම්බුදු තෙමගුල සැමරු අසිරිමත් වෙසක් උත්සවයක් දකුණු කොරියාවේ වොල්ලාදෝ ක්වැන්ජු මුකග්ය විහාරස්ථානයේ දී පසුගිය 28 වැනි දා පැවැත්විණි. ඒ සඳහා ක්වැන්ජු නගරයේ ජිවත්වන කොරියානුවෝ පහළොස් දහසක් පමණ සහාභාගී වූහ. විහාරවාසී බරවාඹුකේ විමලතිස්ස හිමි ආරාධනයෙන් වල්පොළ පියනන්ද නා හිමියෝ වැඩම කළහ. කොරියාවේ ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා ද මේ සඳහා සහාභාගී විය.