පිඹුරෙක් බෙහෙත් ගනී


ලූණුගල දොර පොද රක්ෂිතයේදී ගින්නට අසුවී පිලිස්සී ගිය පිඹුරකුට ලූණුගල පශු වෛද්‍ය නිලධරයෝ ප‍්‍රතිකාර කරති. අඩි 15 ක් දිග කිලෝ 28 ක් බරැති පිඹුරා කපිල බණ්ඩාරනම් හමුදා සෙබළෙක් පශු වෛද්‍ය නිලධරයන්ට බාර දුන්නේය. පිඹුරාගේ හම අඩි හයක් හතක් පිලිස්සී ඇත. පිඹුරා සුවකළ හැකි බව පශු වෛද්‍යවරු කියති. බිත්තර හා මස් කෑම වශයෙන් පිඹුරාට ලැබේ.