පින්නවල අලියා මරා හිරේ යති
පින්නවල අලි අනාථාගාරයේදී ”නිලගිරි” නම් අලියාට 2011 ජනවාරි 17 වැනිදා හෙණ්ඩුවකින් පහරදී ඝාතනය කළැයි එහි ඇත්ගොව්වන් තිදෙනකුට සහ සත්ව ආරක්ෂක නිලධරයකුට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය වසරක සිර දඬුවම් සහ රුපියල් ලක්‍ෂය බැගින් දඩ නියම කළාය.
දඩ නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින් සිර දඬුවම් නියම කෙරිණි.
ඇත්ගොව්වන් වන මාලක මිහිර බණ්ඩාර, සරත් ජයසූරිය, ආර්.එම්. පුංචිබණ්ඩා සහ සත්ව ආරක්ෂක ලසන්ත දිලිප කුමාර ඔවුහුය.

