වස්කඩුව අංක එක දුම්රිය පොළ ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව ළඟ ස්වේච්ඡාවෙන් රැඳී සිටිමින් වාහනවලට උදව් කරන්නෙක් සිටී.
විමල් රත්නසිරි සිල්වා (55) නාගොඩ සිටි එහි එන ඔහු මේ රාජකාරිය කරනුයේ අව්ව වැස්සට ද ලක් වෙමිනි.
අඩු ගණනේ එතැන මඩුවක්වත් නැත. ඔහු අත කුඩයක්වත් නැත.
එහෙත් ඔහු කියනුයේ ජීවිත බේරා දීම ඒ සියල්ලටම වඩා වැදගත් බවයි.
එවැනි අනාරක්ෂිත ගේට්ටු 750කට වැඩි ප්‍රමාණයක් රට පුරා ඇත.