පිණ්ඩපාතෙන් දස ලක්ෂයක බඩු දඹුලු රෝහලට


දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ රෝගීනට අවශ්‍ය වෛද්‍ය උපකරණ එකතු කිරීම සඳහා භික්ෂූහු සිය නමක් අද උදේ දඹුල්ල නගරයේ පිණ්ඩපාත චාරිකාවක යෙදුනාහ.  ඇඳ ඇතිරිලි, රෙක්සින්, ළදරු හා රෝගී ඇඳුම්, ශල්‍ය අත්වැසුම්, මදුරු දැල්, පැදුරු, පයිල්කවර, බල්බ් ඇතුළු උපකරණ ඇතැතිව විශාල පිරිසක් මග දෙපස රැස්ව සිටියහ. අලුත්ගම උපනන්ද හිමියන්ගේ උපදෙස් මත පිණ්ඩපාත චාරිකාව සංවිධානය කෙළේය. රුපියල් ලක්ෂ දහයකට අධික උපකරණ රෝහලට දීමට හිමිවරු සමත් වූහ.