(ඉන්දිකා රාමනායක)
මත්වීම සඳහා භාවිතා කරන පුවක් කිලෝ 12 හා සම පැහැපත් කිරීම සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ග 2,000 ක් සමඟ පාකිස්තාන ජාතිකයෙකු පිටකොටුව මැලිබන් වීදිය ලැගුම්හලකදී අද (6) කොටුව පොලිසිය මගින් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සංචාරක වීසා මගින් සැකකරු ඉකුත් 4 දින ලංකාවට පැමිණ ඇති අතර ඊයේ (5) පිටකොටුවේ මෙම ලැගුම්හලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තෙරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් සැකකරුගේ කාමරය වටලා මේවා අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුගේ කාමරයේ ගමන්මලු දෙකක මෙම භාණ්ඩ තිබී ඇත. එම ගමන් මලු දෙකේ නීතිවිරෝධී සිගරට් 800ක්, ක්‍රීම් වර්ග 2000, සහ මත්ව්ම සදහා භාවිතා කරන පුවක් කිලෝ 12 ක් තිබු බව පොලිසිය පවසයි.

