පික්පොකට් ගැසුවයි අම්මයි දුවයි රිමාන්ඞ්
දුර ගමන් සේවා බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි පික්පොකට් ගැසූ බව කියන මවක සහ දියණියක ලබන 23 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (9) නියෝග කළේය.
ත‍්‍රිකුණාමලයේ මරදත්තන් සත්‍යමනී සහ මඩිවෙල් සුභාෂිණී එම දෙදෙනාය.
තම මුදල් පසුම්බියේ රුපියල් 20000ක් මෙම දෙදෙනා විසින් පික්පොකට් ගසන ලදැයි ඇන්තනි ප‍්‍රනාන්දු වෙල්ල වීදිය පොලිසියට පැමිණිලි කෙළේය.

