පැහැරගත්තැයි කී දරුවා මාතර ගිහින්


අතුරුගිරියේ පදිංචිව සිටි 14 හැවිරිදි සිය එකම දරුවා සිකුරාදා (13) සිට පැහැරගෙන ඇතැයි අතුරුගිරිය පොලීසීයට ලැබුණු පැමිණිල්ලක් මත දරුවා සෙවීමේදී සෙනසුරාදා (14) රාත්‍රී 12 ට පමණ අතුරුගිරිය නගරයේ සිටියදීම  ඔහු සොයා ගත් බව පොලීසිය කියයි.

දරුවාගේ මවගේ හා පියාගේ පැමිණිල්ල මත පියාගේ සහෝදරයකු හා දරුවාගේ  මිතුරකු පොලීසිය එදින අත් අඩංගුවට ගනු ලැබීය.

නමුත් දරුවා හමු වු පසු ප්‍රශ්න කිරීම් වලදී කියා ඇත්තේ තමා කිසිවකුත් පැහැර නොගත් බවත්  රුපියල් තුන්දහසක් ද රැගෙන නිවසින් පිටවී  මාතර ගොස් නැවත පැමිණි බවත්ය.