පැසිපන්දු විදීමට ශී‍්‍ර ලංකාවෙන් 400 ක් එක්වෙති


දිනක් තුළ ලොව පුරා ක‍්‍රියාත්මක වු පැසිපන්දුවක් පැසට විදීමේ වැඩසටහනේ ශ්‍රී ලංකා වැඩසටහන මොරටුව තරුණ ක‍්‍රිස්තියානි සංගමයේ මෙහෙයවීමෙන් මොරටුවේදී පැවැත්විණ. පැසිපන්දු ක‍්‍රීඩාව ලොවට හදුන්වා දුන් තරුණ ක‍්‍රිස්තියානි සංගම් සංවිධානය විසින් පසුගිය 13 වැනිදා මෙම වැඩසටහන ලොව පුරා ක‍්‍රියාත්මක කරන ලදී. ලොව පුරා මිලියන පහක ජනතාවක් මේ සදහා එක්ව ඇතැයිද වාර්තාවේ. පැසිපන්දුවක් පැසට විදීමේ අවස්ථාවකට දිනකදී සහභාගි වු වැඩිම පිරිස ලෙස ගිනස් වාර්තාවක් ලෙස ප‍්‍රකාශ කිරීමට ද කටයුතු යොදා තිබේ. සමාජයට පණිවිඩයක් ලබා දෙමින් ළමා අපයෝජනය පිටු දකිමු, දුම්බීමෙන් වැළකෙමු සහ ස්වභාව ධර්මය සුරකිමු යන පාඨ සහිත පැස තුනකට පන්දුව පැස තුළට විදිනු ලැබිණ. වයස් සීමාවක් නොවන 400 කට වැඩි ජනතාවක් මේ සඳහා එක් වුහ. 1960 වසරේ සිට මොරටුව තරුණ ක‍්‍රිස්තියානි සංගම් පැසිපන්දු පිල නියෝජනය කළ කපිතාන් එල්මෝ ජයවර්ධන සහ ඩන්කන් ජයවර්ධන යන මහත්වරු මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වුහ. පැසිපන්දුව පැසට විදීමේ අවස්ථාවට සහභාගි වු බාල දක්‍ෂයන් පිරිසක් සහ සමාරම්භක අවස්ථාව