(ලසන්ත නිරෝෂණ පෙරේරා)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල දිප්පිටිගල ප්‍රදේශයේ දි අද (20) උදෑසන ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුන්හැවිරිදි දැරියක් මරණයට පත්වී ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.
රත්නපුර සිට බලන්ගොඩ දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් දිප්පිටිගල ප්‍රදේශයේ බස් නැවතුමක නතර කිරීමට යාමේදී වෑන් රථයේ ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෑන් රථයේ පිටුපස කොටස බසයේ ගැටීමෙන් වෑන් රථයේ පිටුපස අසුනේ කෙලවරක සිටි තුන් හැවිරිදි දැරිය එම ස්ථානයේදීම මරණයට පත්වී ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.
බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

