පැරීසියේ සමාධි ආශිර්වාද පිංකම ජනවාරි 01 වැනිදා


පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නව වසරේ සෙත් පැතිමේ පිංකම 2014 ජනවාරි මස 01වැනි බදාදා සවස 04 ට විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. එදිනට සියක් ඖෂධ වර්ග බුදු සමිදු ඉදිරියේ පුජා කෙරෙන ( මහා බේසජ්ජ ) පුජාව  මීගහතැන්නේ ශ්‍රී ලංකා නිෆෝන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බෝපේ චන්දානන්ද හා කිරින්දේ ධම්මාලෝක හිමිවරුන් විසින් පවත්වනු ලබති.

තේ පැන් දන්සලක්ද සංවිධානය කැර ඇත.