පැරීසියේ ආධුනික ගී තරගය


 ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් එහි මරණාධාර ඒකකයට ආධාර පිණිස 18 වැනි වරටත් පවත්වන ආධුනික ගී තරගය මෙවර ද නොවැම්බර 10  වැනි ඉරිදා සවස 02 ට පැරීසියේ කළාප අංක 12 හි රූ අන්තුවාන් ජුලියන් හෙනාර්ඩ් පාරේ අංක 24 හි  මොන්ගැලේ උමං දුම්රිය පොළට නුදුරින් පිහිටි ලෙ සොන්ටියෙර් ශාලාවේදි පැවැත්වීමට නියමිතය. මෙවර ආධුනික ගී තරගයේ විනිශ්චය සදහා 90 දශකයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වූ නාමල් උඩුගම සහභාගී වෙයි.

 ගී තරගයෙන් පසු   දිපාල් සිල්වා හා නාමල් උඩුගම  සහභාගි වන සංගීත ප්‍රසංගයට පැරීසියේ චමින්ද ලිවේරා ප්‍රමුඛ ඡායා වෛයිබ්‍රේෂන් සංගීත කන්ඩායම වාදනයෙන් සහාය වෙයි.