පැරිසියේදි ලාංකිකයෙක් වෙඩි කා රෝහලේ


පැරිසියේ ශ්‍රී ලංකා ජාතිකයන් අතර ඇතිවූ ගැටුමකින් ශ්‍රී ලාංකිකයකු වෙඩි වැදී මිය ගිය බවට ආරංචි පැතිර ගියත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ සිටින බව පැරිසියේ සිටින සුනිල් ආනන්ද කියයි. වයස අවුරුදු 50ක් පමණ වන එම පුද්ගලයා වෙඩි වැදී සුළු වේලාවකට පසු රෝහල් ගත කළ බවත්, සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බවත් පැරිස් පොලීසිය කියයි.