පැරිස් විරෝධය ඉරිදා
ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ව්‍යාපාරය රාජපක්ෂ පාලනයට එරෙහිව පැරිසියේ ප්ලේස් ද ලා බැස්ටිල්හි දී ඉරිදා සවස තුනේ සිට දෙපැයක් උද්ඝෝෂණයක් සංවිධාන කැර ඇත. ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික කොටස් මේ උද්ඝෝෂණ සංවිධානය කරයි. යුද්ධය අවසන්වී තුන් වසරක් ගතවී ඇතත් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වී නැතැයි මේ සංවිධානය කියයි.

