පැරිස් නත්තලෙන් ලංකාවට උදව්


ප්‍රංශයේ ප්‍රංශ ලංකා සංවිධානය හා ප්‍රංශයේ ශ්‍රී ලංකා සුබ සාධක සංගමය එකතුව එළිදැක්වු අසිරිමත් නත්තල් සැඳෑව පැරිසියේ දී පැවැත්වීය. 

පැරිස් ධම්ම චක්ක  විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥානිස්සර හිමි , පැරීසියේ සිංහල කතෝලික සභාවේ රෝයි කැලැරන්ස් උපාධ්‍ය පියතුමා, තානාපති කාර්යාලයේ දෙවැන නිලධාරිනී ස්වර්ණා පෙරේරා මහත්මිය ඇතුළු ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් නත්තල් සැදැව ආරම්භ විය. නැටුම්,ගැයුම්,වැයුම් වලින් පිරි   නත්තල් සැදැව ‘ඡායා වයිබ්‍රේෂන්‘ සංගීත කණ්ඩායමේ සංගීතයෙන්  වර්ණවත් වුයේය. ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට උපකාර කිරීම හා වියළි කලාපයේ දුෂ්කර ගම්මානවල ආසනික් අම්ල සාන්ද්‍රනය අධික බීමට භාවිතා කරන ජලය භාවිතයෙන් වකුගඩු රෝගීන්ගේ සුබසෙත සදහා ජල පෙරන  ලබා දීමට දායකවීම නත්තල් සැදැවේ අරමුණ  වූ බව එහි සංවිධායකයෝ කියති.