පැරිස් ධම්ම චක්ක කඨින පෙරහර බලන්න ලස්සනයි


පැරීසියේ ලාකුරනව්  ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය  බලන්ගොඩ සෝභිත නාහිමි, පුවක්ගහහේනේ වජිරඥාන හිමි,  මාපලගම බුද්ධසිරි නාහිමි,  කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ විතාරන්දෙණියේ මේධානන්ද හිමි  මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති  පරවාහැර චන්ද්‍රරතන හිමි  ඇතුළු ප්‍රංශයේ වාසය කරන ශ්‍රී ලාංකික,  තායි හා වියට්නාම භික්ෂූන් වහන්සේලා මෙම පිංකම් මාලාවට සහාභාගි වූහ.

විහාරස්ථානයේ ශ්‍රී ලාංකික බෞද්ධ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලාඕස් , බංගලදේශ බෞද්ධ පිංවතුන්ගේ ප්‍රමුඛත්වයෙන්  කඨින පිංකම විය. පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසු දරුවන්ගේ කඨින පෙරහරක් ද ඒ අතරට එක්වුයේය .