පැරිස් කඨින පිංකමට මහා පිරිසක්


ප්‍රංසයේ  පැරිස් බෞද්ධ විහාරයේ කඨිණ පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගියදා පැවැත්විණි. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස් යායේ ඤාණිස්සර , ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආචාර්ය හාඳුපැල්පොල මහින්ද ,ලස්විට්සර්ලන්තයේ සුරිච් බෞද්ධ විහාරයේ වල්පොල කල්‍යාණතිස්ස, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති  හාලිඇලේ විමලරතන,ජර්මනියේ මියුනික් විහාරයේ මහදමනේ අස්සජි හිමිවරුද, බුරුම සහ කාම්බෝජ ජාතික ස්වාමීන්වහන්සේලා මෙන්ම ශ්‍රී ලංකා බංගලිදේශ වියට්නාම කාම්බෝජ සහ ප්‍රංශ ජාතික බෞද්ධයෝ ද  සහභාගිවුහ.