(ඩයනා උදයංගනී)
ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියට සහභාගී වී පදක්කම් දිනූ ක්‍රීඩකයන් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ පරිදි මූල්‍ය ත්‍යාග පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙවර පැරාලිම්පික් තරඟාවලියේ දී එෆ් 46 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ද සමඟ රන් පදක්කම හිමි කරගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ එෆ් 64 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වට තරඟ කර ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කු යන මහත්වරුන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන් දෙදෙනාට මෙම මූල්‍ය ත්‍යාග පිරිනැමේ.
මවුබිමට සුවිශේෂ ජයග්‍රහණ හිමිකර දී ඇති ඔවුන් වෙත පිළිගත් ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ ජයග්‍රහණ වෙනුවෙන් වූ මූල්‍ය ත්‍යාග පිරිනැමීම සඳහා අවශ්‍ය නිර්ණායක හා හිමිවිය යුතු ත්‍යාග මුදල් ජාතික ක්‍රීඩා සභාව නිර්දේශ කර ඇති අතර එම නිර්දේශ අනුව ඒවා ලබාදීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

