පැරලිම්පික් තරග බලන්න ක‍්‍රීඩා ඇමැති ලන්ඩන් යයි
ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් කී‍්‍රඩා උළෙල නැරඹීම සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා දැන් ලන්ඩන් නුවරට පැමිණ සිටියි.
පැරලිම්පික් උළෙල පැවැත්වෙන ”ලන්ඩන්” ප‍්‍රධාන ඔලිම්පික් ක‍්‍රීඩාංගනයට පෙරේදා (03) පැමිණි කී‍්‍රඩා ඇමැති අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා කී‍්‍රඩක ලෙස්ලි කුමාර උස පැනීමේ ඉසව්වට තරග වදින අයුරු නැරඹීය.
එහිදී ඔහු ”ලන්ඩන්’’ නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා පැරලිම්පික් කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා නිලධාරින්ද මුණ ගැසුණි. ඔලිම්පික් කී‍්‍රඩාංගනයේදී ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
”පැරලිම්පික් උළෙලේදී අපේ කී‍්‍රඩකයන් පැරදුණා. එකෙන් කියන්නෙ අපිට අලූතින් යමක් සිතන්න සිදුවෙන බවයි. මෙතනට ආවම පේනවා අපි ඉන්නෙ කොතැනද කියලා” යයි කී‍්‍රඩා ඇමැතිවරයා පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ කී‍්‍රඩා ඇමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආබාධිතයන් සඳහා වන කී‍්‍රඩා ඉසව් යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ හමුදාවේ අයට සීමාවි තිබෙන තත්ත්වයක් පෙනෙන බවත් එහෙත් එය මුළු රටේම ආබාධිතයන් සඳහා පුළුල් කළ යුතු බවට තමන් විශ්වාස කරන බවත්ය.
එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් අතර දක්ෂයන් ඉන්න බව මා දැක්කා. ඔවුන්ටත් මේ සඳහා ඉදිරියේ අවස්ථාව ලබාදිය යුතුයි” යයි ද ඇමැතිවරයා පැවැසීය.
මේ අතර ඇමැතිවරයා පැවසුවේ ”ලන්ඩන්” පැරලිම්පික් උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට හා නිලධාරීන්ට ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සහ නිල ඇඳුම් ලබා දීමෙන් කී‍්‍රඩා අමාත්‍යංශය අනුග‍්‍රහය දැක් වූ බවයි.

