(බිමල් ශ්‍යාමල් ජයසිංහ)
කලින් සිය පෙම්වතා බව කියන තරුණයකුගේ පිහිපහරට ලක්වූ එක්දරු මවක නුගේගොඩ දෙල්කඳ පරණ කැස්බෑව මාර්ගයේ සූරියමල් මාවතෙ දී මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.
ඇගේ බෙල්ල ප්‍රදේශයට පිහිපහර 12ක් පමණ ඇණ ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි. මුළු සිරු පුරාවටම පිහිපහරවල් 20ක් පමණ ඇත. මෙසේ මියගොස් ඇත්තේ මීගහතැන්න පහළ හේවිස්සේ පදිංචි 25 හැවිරිදි රූපලාවන්‍ය වෘත්තියේ යෙදුණු තරුණියකි. සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

