පැරකුම් සමුදුරේ වාන් දොරටු යළි අරි
පොළොන්නරුව ප්‍රදේශයට ඇද හැළෙන තද වසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් අඟල් 6 බැඟින් අද අලුයම විවෘත කළ බව වාරිඉංජිනේරුවෝ කියිති. කදුරුවෙල වැලිකන්ද මාර්ගයේ ගල්ලෑල්ල යළි යටවීමට ඉඩ ඇතැයි ද එහි වැසියන්ට සෝදිසියෙන් ඉන්නැයි ආපදා කලමනාකරණ ඒකකය උපදෙස් දුන්නේය.

