රජරට කවුඩුල්ල හා පාදුරු ඔය හැර රජරට බොහෝ වැව් අමුණු පිටාර ගලයි. දින කිහිපයක් පැවති මහ වැසි සමග අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කයන්හි වැව් 150කට වැඩි ප්‍රමාණයක් පිටාර ගලයි.
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් විවෘත කිරීමත් සමග පොලොන්නරු මනම්පිටි පාරේ ගල්ලෑල්ලේ ජල මට්ටම අද සවස් වන විට අඩි පහ දක්වා වැඩි වී තිබිණි. එය තව අඩි හතරක් ඉහළ ගියහොත් කදුරුවෙල-මඩකලපුව දුම්රිය මාර්ගය ද යට වනු ඇත.


