පැය හතරකට පසු වරෙන්තුකරු දියෙන් ගොඩට
ඇඹිලිපිටියේ මහාධිකරණයේ විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක විරෙන්තුකරුවකු අධිකරණය ඉදිරිපිට මහා ඇළට පැන කරවටක් ගිලී ගසක අත්තක එල්ලී පැය හතරකට පසු ගොඩ ගැනීමට ගමේ තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු දියට පැන වරෙන්තුකරු අල්ලා ඉවුරට ගෙන ආවේය. තමාට බඩගිනි යැයි කී ඔහුට බත් පාර්සලයක් මාතර දුන් පසු ඉවුරේම තියාගෙන එය කෑවේය. පසුව ඔහු උසාවියට ඉදිරිපත් කිරීම සඳහා පොලිසියට බාර කැරිණි.

