(ඉන්දිකා රාමනායක)
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) පැය 4 ට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
රාජිත සේනාරත්න මහතා අද පෙරවරු 11.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර ප‍්‍රශ්න කිරීමෙන් පසු පස්වරු 3.20 ට ඒ මහතා ඉන් පිටව ගියේය.
සිදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තුන්වන සැකකරු වශයෙන් නම්කර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට ඉකුත් 20 දින වරෙන්තුවක් නිකුත් කරමින් තිබියදී දින කිහිපයක් අතුරුදන් වී සිටි ඒ මහතා ඉකුත් 27 දින හෘද රෝගයක් බව පවසමින් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වි සිටියේය.
කොළඹ අතරේක මහේස්ත‍්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය සේනාරත්න මහතා ප‍්‍රතිකාර ලබමින් සිටි එම රෝහලට පැමිණ ඔහුගේ තත්ත්වය පරීක්ෂා කර ලබා ඉකුත් 30 වැනි දින දක්වා රිමාන්ඞ් බාරයට පත් කර කළේය.
30 වැනි දින රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැර තිබුණ ද හෘද රෝගය හේතුවෙන් ඒ මහතා දින 18 ට අධික කාලයක් නාරාහේන්පිට රෝහලේම ප‍්‍රතිකාර ලබමින් සිටි මධ්‍ය රාති‍්‍රයේ ඉන් පිටව ගියේය.
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡුාව සම්බන්ධයෙන් තුන්වන සැකකරු වු රාජිත සේනාරත්න මහතාට රෝහලින් පිටවු පසු සිද්ධිය පිළිබ`දව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට කොළඹ ප‍්‍රධාන මෙහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කර තිබු නියෝගයකට අනුව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීමෙන් පසු රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට පා ගමනින්ම පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් එම ස්ථානයට පැමිණ ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව ප‍්‍රශ්න කළද ඒ මහතා මාධ්‍යවෙත කිසිදු ප‍්‍රකාශයක් ලබා නොදී මෝටර් රථයේ නැගී පිටව ගියේය.


( ඡායාරූප- ළහිරු හර්ෂණ)

