ඩයනා උදයංගනී
දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (26) රාත්‍රියේ තද වැසි ඇතිවූ අතර අද (27) අළුයම 5.30 ට අවසන් වූ පැය 24ක කාලයේදී වැඩිම වර්ෂාපතනයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 180ක්, පාලින්දනුවර ප්‍රදේශයෙන් මිලිමීටර 148.00ක්, කිරිඇල්ල ප්‍රදේශයෙන් මිලිමීටර 146 ක් කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරියෙන් මිලිමීටර 148 ක් වශයෙන් වැසි වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ ද හංවැල්ල ප්‍රදේශයෙන් මිලිමීටර 157ක්, පාදුක්ක ප්‍රදේශයෙන් මිලිමීටර 124 ක්, .ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල ප්‍රදේශයෙන් මිලිමීටර 119 ක් සහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 139 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇති බවත් ඒ අනුව දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලි මීටර් 200 ය ඉක්ම වූ වර්ෂාපතනයක් ඇති විය හැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

