සිංහරාජයේ හා තෙත් කලාපවල පමණක් හටගන්නා බෙරලියමල් මේ දිනවල මතුගම වලල්ලාවිට පැනියාවල රක්ෂිතයේ දක්නට තිබේ. වසර හතරකට සැරයක් හට ගන්නා මේ මල් පෝෂ්‍යදායි ආහාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. විද්‍යාත්මකව බෙරලිය (Shorea cordifolia) නමින් හඳුන්වන අතර, ආයුර්වේදයේ සඳහන් පරිදි බෙරලියා ප්‍රභේද කිහිපයක් වෙයි. ඒවා නම් රත් බෙරලිය, කොටිකං බෙරලියයි. දානයකට බෙරලිය ව්‍යාංජන සකසා දිය හැකිනම් එම දානය ඉතා දුර්ලභ දානමය පින්කමක් ලෙසටද ගැමියෝ සලකති. බෙරලියා සෑදෙන්නේ අඩි 100 කටත් වඩා උස ගස්වලය. හට ගන්නා කාලයට මේවා සොයා ගැමියෝ විශාල වශයෙන් මහ වනයට ඇදෙති. බෙරලියා කොළය ඉතාම සිහින්ය. බෙරලියා ගෙඩිද කුඩාය. වසර හතරකට පසු හැදෙන කාලයට බෙරලියා ගෙඩි දහස් ගණනින් ගස් යට වැටේ.






