(දසුන් රාජපක්ෂ)
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු ඇතැම් බුද්ධි අංශ නිලධාරීන්ට ජනාධිපති සම්මාන පිරිනමා ඇති බව වැඩ තහනමකට ලක්ව සිටින, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පාස්කු ඉරුදින බෝම්බ මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද(16) පැවසීය.
එලෙස ජනාධිපති සම්මාන ලබාදීමට පදනම කුමක්දැයි තමන් නොදන්නා බවද ඒ මහතා සාක්ෂිදෙමින් සඳහන් කළේය.මෙම තොරතුරු තමන්ට තෙවැනි පාර්ශ්වයක් මාර්ගයෙන් දැනගැනීමට ලැබුණු බවද ඒ මහතා කියාසිටියේය.
නිල නොවන මට්ටමින් තමා වෙත ලැබුණු එම තොරතුරු පිළිබඳ පසුවිපරමක් සිදුනොකළ බවද නාලක ද සිල්වා මහතා පැවසීය.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත විශේෂ කාර්යාලයේදී අද(16) රැස්විය.
(ඡායාරූපය - චතුර එස් කොඩිකාර)

