පාස්කු නඩුව අහන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්


(මනෝප්‍රිය ගුණසේකර)

කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා තවත් තුන්සියයකට තුන්සියයකට අධික පිරිසකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මවුලවිවරුන් ඇතුළු විසි පස් දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද පත් කරන ලදී.

සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ මෙයට අදාලව ගොනු කළ ගොනුකළ චෝදනා 23,270 කින් යුත් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කළේය.

මෙම ත්‍රි පුද්ගල ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මඩුල්ලේ සභාපති මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පත් කොට ඇති අතර එහි සාමාජිකයින් විනිසුරුවරුන් වශයෙන් අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් පත් කොට ඇත .