මහනුවර වත්තේගම භාරතී දෙමළ මහා විද්‍යාලයීය භූමියේ තිබී වසර 250ක් පමණ පැරැණි කාසි තොගයක් හමු වී තිබේ.
කන්දක් ඉවත් කිරීමට යාමේ දී හමු වූ මෙම කාසි අතර වසර 250ක් පමණ පැරණි කාසි මෙන්ම 1870, 1892 හා 1893 වසරවලට අයත් කාසි 86ක් හමු වූ බව ද, ඒ අතර ශත පහේ කාසි 50කට වඩා තිබෙන බව ද, පොලිසිය පවසයි.
පරීක්ෂණ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමට පියවර ගෙන තිබේ.

