(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ඉෂාන් සංජීව)
‘සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව යටතේ මෙරට සිසු සිසුවියන් ලක්ෂ 45කට වැඩි සංඛ්‍යාවකට පිදෙන ‘වෛද්‍ය හා පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ආවරණය’ අද (2) සිට නිල වශයෙන් ආරම්භ විය.
ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම රක්ෂණාවරණය නිල වශයෙන් ආරම්භ කිරීමේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලිය ගහ මන්දිරයේදී අද (2) පැවැත්විණි.
ජාතික, පළාත්, ජාත්‍යන්තර හා පෞද්ගලික යන පාසල්වල සියලු සිසුන් පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා අනෙකුත් ආගම්වල දහම් අධ්‍යාපනය ලබන සුදුසුකම්ලාභී සියලු දෙනා වෙනුවෙන් මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක වන මෙම රක්ෂණාවරණය සඳහා ආණ්ඩුව රුපියල් මිලියන 2900ක මුදලක් වෙන් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව දියත් කරන මෙම රක්ෂණාවරණය ඔස්සේ අවුරුදු 5ත් 19ත් අතර පාසල් සිසුන්ට ප්‍රතිලාභ හිමි වේ.
සුරක්ෂා සිසු රක්ෂණාවරණය ඔස්සේ නේවාසික රෝහල් ගාස්තුවලින් සියයට 20ක් අඩුවීම හා වෛද්‍ය උපදේශකවරයකු හෝ විශේෂඥ වෛද්‍යවරයකුගේ ගාස්තු වලින් සියයට 20ක් අඩුවීම යන ප්‍රතිලාභ ද රක්ෂණාවරණය හිමි පාසල් සිසුන්ට හිමි වේ.




