බිමල් ශ්‍යාමන් ජයසිංහ
පාසල් සිසුන් හා තරුණියක් ඉලක්ක කර ගංජා හා අබිං මිශ්‍ර මත්ගුලි අලෙවි කළ හොරණ නගරයේ සිංහල බෙහෙත් බඩු වෙළඳසැළක් වටලා මත්ගුලි 400 ක් සමඟ සේවකයකු අද (30) අත්අඩංගුවට ගත් බව හොරණ සුරාබදු ඒකකය කියයි.
හොරණ ජනප්‍රිය පාසලක් අසල බෙහෙත් බඩු වෙළඳසැළක රුපියල් සියය බැගින් මත්ගුලි අලෙවි කරන බවට සුරාබදු ඒකකයට ලද තොරතුරක් අනුව සුරාබදු නිලධරයකු පාසල් සිසුවකු සේ වෙස්ගන්වා මත්ගුලි මිලදී ගැනීමට සලස්වා වැටලීම කළ බව නිලධාරින් පවසයි.