(අකිල බද්දෙවිතාන)
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි පුහුණුවක් අතරතුරදී තුවාල ලැබූ පාසල් සිසුවකු රෝහල් ගත කිරීමෙන් පසු මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඔක්තෝබර් 1වැනිදා මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවෙකි. ඔහු රග්බි පුහුණුව අතරතුර පිටියේදී ඇද වැටී තිබීම කෙසේ සිදුවූයේදැයි යන්න පිළිබඳ පරීක්ෂණයක් අරඹා ඇත.
එම අවස්ථාවේ ඔහුගේ හිස අධික තෙරපීමකට ලක්ව ඇති බව ද වාර්තා වේ.

