පාසල් නවීකරණයට සබරගමු පළාතෙන් සල්ලි ඉල්ලයි


(අජිත්ලාල් ශාන්තඋදය)

ගංවතුර සහ නායයාමේ විපත් හේතුවෙන් විනාශයට පත් සබරගමු පළාතේ පාසල් 108ක් නවවීකරණය කිරීමට අවශ්‍ය මුදල් සබරගමු පළාත් සභාවට නැති නිසා ඊට වැයවන බවට ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 1100 මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

සබරගමු පළාත් සභාවේ පළාත් අධ්‍යාපන තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහින්ද එස් වීරසුරිය මහතාගේ අත්සනින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව ද එම අමාත්‍යාංශය පවසයි.

සබරගමු පළාතේ හානි සිදුවූ පාසල් වහා නවීකණය නොකළහොත් ඒවා පවත්වාගෙන යාමේ දී දරුවන්ගේ ජීවිතහානි වීමේ අවධානමක් ඇති බවට එම ඉල්ලීම් ලිපියෙන් අවධාරණය කර ඇති බවද අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.

මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහින්ද එස් වීරසුරිය මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි ඉල්ලීමක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ බවයි.