(යොහාන් භාසුර)
‘කොවිඩ්’ මර්දන එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව අද (16) පාසල් දරුවන් එන්නත්කරණය ඇතුළු විශේෂ තීරණ රැසකට එළඹීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.
එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව අද (16) රැස්වීමට නියමිත අතර එහිදී පාසල් දරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන සහ ඉදිරියේදී එන්නත්කරණය වන කාණ්ඩය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළු සියලුම යෝජනා සැළකිල්ලට ගෙන දරුවන්ගේ ආරක්‍ෂාවට මුල්තැන ලබාදෙමින් එන්නත්කරණය පිලිබඳව තීරණයක් ගනු ඇති බවත් වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩි දුරටත් පැවසීය.

