පාසල් ගැන තීරණ ගන්න පළාත් හා කලාප බලධාරීන්ට ඉඩ


(මුදිතා දයානන්ද)

බස්නාහිර පළාතේ ගංවතුර තර්ජනය පවතින ප්‍රදේශවල අවදානම පහව යනතුරු පාසල් වසා තැබීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට දැනුම්දෙන බව බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කරයි.

මේ අතර ආපදා සහිත ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කරයි.

අදාළ තීරණය පිළිබඳ පළාත් පාසලක් නම් පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසලක්නම් පාසල් අධ්‍යක්ෂවරයා දැනුවත් කරන ලෙසත් විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.