පාලිත ප්‍රනාන්දු නව නීතිපති


ශ්‍රී ලංකාවේ නව නීතිපති ලෙස  මහින්ද රාජපක්ෂ ජනපති විසින්  සරත් පාලිත ප්‍රනාන්දු මහතා පත්කරනු ලැබීය. සංඝරත්නයේ ආශිර්වාද මැද ලිපියට අත්සන් යොදා නව නීතිපති නිල වශයෙන් රාජකාරිය ආරම්භ කළේය. බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. කොළඹ රාජකීය විද්‍යාලයේ කිර්තිමත් ආදි සිසුවකු වන පාලිත මහතා 1979 දී උපරිමාධිකරණ නීතිඥවරයෙක් විය.  1980 දී  සහකාර රජයේ නීතිඥවරයා ලෙස  ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේය.