පාරෙ බතල ගලවා රිමාන්ඞ්


මඟ දෙපස ලස්සන කිරීම සඳහා කොල්ලූපිටිය මහ පාර අයිනේ කොළඹ නගර සභාවෙන් වගා කැරුණු බතල වගාව සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙමටගොඩ ජේ. ආරියරත්න නමැත්තෙක් කොළඹ කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත් විසින් ලබන හයවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. එම වගාව රැුක බලාගත් හමුදා සැරයන්වරයකුගේ පැමිණිල්ලක් අනුව පොලිසිය ඔහු මනෝ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට නියමිතය.